ජන්ද අධ්‍යාපනය

ජන්ද අධ්‍යාපනය යනු පුළුල් පරාසයක් පුරා විහිදෙන , සවිඥානික පුරවැසියන් පිරිසක් නිර්මාණය කිරීමෙහිලා අතිශයින් වැදගත් වන තේමාවකි. කියවීමේ හා ලිවීමේ හැකියාව මිණුම් දණ්ඩක් කරගනිමින් ඉහල සාක්ෂරතාවයක් සහිත ජන ප්‍රජාවක් සිටිතැයි ප්‍රකාශ කරන අවස්ථා අප ඕනෑතරම් අත්දැක ඇතත් එය සවිඥානික පුරවැසියන් නිර්මාණය කිරීමෙහිලා කොතරම් දුරට බලපා ඇත්දැයි විමසා බැලිය යුතුය. පාසැල් අධ්‍යාපනය තුළ යම් තරමක්දුරට න්‍යායික තත්ත්වයන් සාකච්ඡා කලද එය ක්‍රියාකාරිත්වක් කරා වර්ධනය කරගැනීම වෙනුවෙන් තව බොහෝ දේ කල යුතුව ඇත. මහජන නියෝජිතයන් පත්කරගැනීමේදී දැක්මක් වැඩපිළිවෙලක් සහිත ජනතාවට වග කියන නියෝජිතයන් තෝරාගැනීමට ජනතාව කටයුතු නොකරන්නේ නම් එවැනි රටකට අත්වනුයේ අතිශයින් ශෝචනීය ඉරනමකි.ජන්ද අධ්‍යාපනය ලබාදෙමින් ජන්දදායකයින් වෙනුවට දියුණු ආකල්පවලින් සමන්විත සවිඥානික පුරවැසියන් නිර්මානය කිරීම අපගේ අරමුණයි.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com