පැෆ්රල් පිළිබඳ

ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරනලදී. එය 1982 අංක 17දරණ සමාගම් පනත යටතේ ලාභ නොලබන සංවිධානයක් ලෙස ලියාපදිංචි කරඇති අතර 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කර ඇත.

ප්‍රචණ්ඩත්වය සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් මැතිවරණවල ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය තහවුරු කිරීමට සිවිල් සමාජය මැදිහත්වීමේ අවශ්‍යතාවය මතුව තිබූ අවස්ථාවක මෙම සංවිධානය ගොඩනැගුණි.

පැෆ්රල් සංවිධානය පිහිටුවීමේ එක් ප්‍රධාන අරමුණක් වූයේ මැතිවරණවලට පෙර, මැතිවරණ අතරතුර සහ පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන ප්‍රචණ්ඩත්වය සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනතා ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීමයි. පැෆ්රල් සංවිධානය පිහිටුවීමෙන් පසු ඒ මගින් , සිවිල් සමාජ සංවිධාන විශාල සංඛ්‍යාවක් සමඟ සහයෝගයෙන්, පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ යන රටේ පැවැත්වෙන සියලුම මැතිවරණ නිරීක්ෂණය කර ඇත. ඒ මගින් වසර ගණනාවක් පුරා, රටේ විවිධ ප්‍රදේශවල ඡන්දදායකයින්ගේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යහපාලනය වැනි ක්ෂේත්‍රවල උපදේශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත. පැෆ්රල් සංවිධානය සිය සියලු ක්‍රියාකාරකම්වලදී අතිශය ස්ථිරසාරවූ මධ්‍යස්ථභාවයක් පවත්වාගෙන යාමට සමත්ව තිබේ.

Image
Image

දැක්ම සහ මෙහෙවර

දැක්ම

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයමින්, පාලනයේ වගවීම සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කරන දේශපාලනික වශයෙන් සාක්ෂරතාවක් සහිතව බලගැන්වූ පුරවැසියන් පිරිසකින්ස මන්විත ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් පෝෂණය කිරීම.

මෙහෙවර

හෘද සාක්ෂියට එකඟ පුරවැසි පිරිසකගේ සහ විවිධත්වය අගයන ගතික සිවිල්ස මාජයක සක්‍රීය සහභාගීත්වය හරහා සියලුදෙනා ඇතුළත් නිදහස් හා සාධාරණ මැතිවරණ ප්‍රවර්ධනය කිරීමට සහ සහතික කිරීමට මෙන්ම, යහපාලනය තහවුරු කිරීමට හිතකර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම.

අරමුණු

පළාත් පාලන ආයතනවල සිට පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සිට ජනාධිපතිවරණ දක්වා සුසන්විධිත මැතිවරණ ක්‍රියාවලීන් සිදුවන බව සහතික කිරීම සඳහා ජනතා නායකත්වයෙන් යුත් අඛණ්ඩ මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියක් මෙහෙයවීම
මැතිවරණවලදී සිදුවන සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ සිද්ධීන් වාර්තා කිරීම සහ ලේඛනගත කිරීම
උපදේශනය සහ ක්‍රියාකාරීත්වය තුළින් සියලුම මට්ටම්වල කාන්තා දේශපාලන සහභාගීත්වය තහවුරු කිරීම
අර්ථවත් හා විශ්ලේෂණාත්මක සංවාද විවාද ප්‍රවර්ධනය කරමින් මහජන සභාවල කීර්තිය සහ අභිමානය ආරක්ෂා කිරීමට දායකවීම
ජනතාවගේ දේශපාලන විඥානය ප්‍රජාවෙන් පක්‍ෂ දේශපාලන හා ජාතික මට්ටම්වලට පරිවර්තනය කිරීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ජනගතකිරීම
ග්‍රාමීය මට්ටමින් කොට්ඨාශ දක්වාත්, දිස්ත්‍රික්ක මට්ටමේ සිට පළාත් සහ ජාතික මට්ටම දක්වාත්, සිවිල් සමාජ සංවිධාන, කණ්ඩායම් සහ ජාල සමඟ ජාලගත වෙමින් සහයෝගයෙන් කටයුතු කිරීම
ආයතනික පැවැත්ම සහතික කිරීම සඳහා බහුකාර්ය ස්වේච්ඡා සම්පත් පදනමක් ගොඩනැගීම
මැතිවරණයට පෙර, මැතිවරණ අතරතුර සහ පශ්චාත් මැතිවරණ සමයේ ප්‍රචණ්ඩත්වය සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා සාමූහික ප්‍රජාමූලික ව්‍යායාමයන් ප්‍රවර්ධනය කිරීම
මැතිවරණවලට අදාළ පවතින නීති, රෙගුලාසි, ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන් සමාලෝචනය කිරීම සහ නීතියේ සහ භාවිතයේ වෙනස්කම් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම
ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ යහපාලන මූලධර්ම අනුදත්, අවංකභාවයෙන් යුත් නව දේශපාලඥයින් පරපුරක් පෝෂණය කිරීමට සහාය වීම
වගකීමෙන් සහ හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කිරීම උදෙසා සවිබලගැන්වීමෙන් ඡන්දදායකයින්ගේ දේශපාලන සාක්ෂරතාවය ඉහළ නැංවීම
ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් පෝෂණය කිරීමට මෙන්ම, දේශපාලන පක්ෂ මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ යහපාලන මූලධර්ම ප්‍රවර්ධනය කිරීමටත්, සහතිකකිරීමටත් දේශපාලන පක්ෂ පෙළඹවීම
සංවිධානයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා රාජ්‍ය ආයතන සමඟ කටයුතු කිරීම

අධ්‍යක්ෂක මණ්ඩලය

මහත්මියජෙසීමා ඉස්මයිල්
මහත්මියජෙසීමා ඉස්මයිල්සභාපතිතුමිය
මහත්මිය විශාකා ධර්මදාස
මහත්මිය විශාකා ධර්මදාසඋප සභාපතිතුමිය
ආචාර්ය ගෙහාන් ගුණතිලක
ආචාර්ය ගෙහාන් ගුණතිලකඅධ්‍යක්ෂක
මහතා ශිරන්ත හීන්කෙන්ද
මහතා ශිරන්ත හීන්කෙන්දඅධ්‍යක්ෂක
ආචාර්ය ජෙහාන්  පෙරේරා
ආචාර්ය ජෙහාන් පෙරේරාමහ ලේකම්
මහතා කේ. එන්. ඩීන්
මහතා කේ. එන්. ඩීන්උප සභාපතිතුමා
වෛද්‍ය වින්‍යා ආරියරත්න
වෛද්‍ය වින්‍යා ආරියරත්නඅධ්‍යක්ෂක
පියතුමා ගරු රොහාන් සිල්වා
පියතුමා ගරු රොහාන් සිල්වාඅධ්‍යක්ෂක
මහත්මිය ක්‍රිස්ටෝබල් සවරිමුත්තු
මහත්මිය ක්‍රිස්ටෝබල් සවරිමුත්තුභාණ්ඩාගාරිකතුමිය
පුජ්‍යඇත්කදවල සද්ධාජීව  තෙර
පුජ්‍යඇත්කදවල සද්ධාජීව තෙරඅධ්‍යක්ෂක
මහතා හේමන්ත විතානගේ
මහතා හේමන්ත විතානගේඅධ්‍යක්ෂක

ලේකම්

මහතාරෝහණ හෙට්ටිආරච්චි
මහතාරෝහණ හෙට්ටිආරච්චිවිධායක අධ්‍යක්ෂක
මහතා සුජීව ගයනාත්
මහතා සුජීව ගයනාත්ජාතික සම්බන්ධීකාරක
මහතාඉසුරු කරවිට
මහතාඉසුරු කරවිටනීති සම්බන්ධීකාරක
මහත්මිය පුන්සරා රත්නවීර
මහත්මිය පුන්සරා රත්නවීරසහකාර ගණකාධිකාරී
මහත්මිය නිමේෂා යුගාන්තිකා
මහත්මිය නිමේෂා යුගාන්තිකා ව්‍යාපෘති සහකාර
මහත්මියවීරන් කාලිඅම්මා
මහත්මියවීරන් කාලිඅම්මා කාර්යාල සහායිකා
මහතාවසන්ත ගෝමස්
මහතාවසන්ත ගෝමස්සහකාර අධ්‍යක්ෂක
මෙනෙවියඋපේක්ෂි ප්‍රනාන්දු
මෙනෙවියඋපේක්ෂි ප්‍රනාන්දුවැඩසටහන් කළමණාකාරිනී
මහත්මියනන්දනී ජයලත්
මහත්මියනන්දනී ජයලත්භාෂා සම්බන්ධීකාරක
මහත්මිය කුෂානි අබේසේකර
මහත්මිය කුෂානි අබේසේකර ව්‍යාපෘති සහකාර
මහත්මියහර්ෂි වීරකෝන්
මහත්මියහර්ෂි වීරකෝන් ගිණුම් සහකාර
මහත්මියසුජීවා ප්‍රියදර්ශනී
මහත්මියසුජීවා ප්‍රියදර්ශනී මාධ්‍ය සම්බන්ධීකාරක
මහතාඉන්දික ජීවන්දර
මහතාඉන්දික ජීවන්දරව්‍යාපෘති මූල්‍ය සම්බන්ධීකාරක
මහත්මිය ඉනෝකා ප්‍රියදර්ශනී
මහත්මිය ඉනෝකා ප්‍රියදර්ශනීගණකාධිකාරිනි
මහතා ගිහාන් වික්‍රමසිංහ
මහතා ගිහාන් වික්‍රමසිංහසමාජ මාධ්‍ය සම්බන්ධීකාරක
මහතාමිරාල් අයේෂ්මන්ත
මහතාමිරාල් අයේෂ්මන්තවැඩසටහන් සහකාර
මහතා ඒ.පී ප්‍රේමසිරි
මහතා ඒ.පී ප්‍රේමසිරි රියදුරු
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com