පුවත්

පැෆ්රල් සංවිධානය හා කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡාවක්

පැෆ්රල් සංවිධානය හා දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා මාලාවේ පළමුවැන්න අද (02) කොළඹ 08 ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැත්වින.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කල පැෆ්රල් සංවිධානයේ යෝජනාවලිය සකස්කිරීමේ ගමන්මග සම්බන්ධයෙන් සම්පාදනය කෙරුණු ග්‍රන්ථය කොමියුනිස්ට් පක්ෂය වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුකෙරුණු අතර නව මැතිවරණ ක්‍රමයක් තුළදී නියෝජන ක්‍රමය සකස්විය යුතු ආකාරය, තරුණ නියෝජනයේ හා කාන්තා නියෝජනය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය, රට තුළ හා රටින් බැහැරව සිටින පිරිස් වල ඡන්ද අයිතිය තහවුරු කිරීමට විධිමත් ක්‍රමවේදයන් සකස් කිරීම, මැතිවරණ ක්‍රියාවලියේ සමබිමක් ඇතිකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී පුලුල් සාකච්ඡාවකට ලක්විය.

එමෙන්ම වත්කම් බැරකම් නීතිය යාවත්කාලීන කිරීම, දේශපාලනඥයා හා පුරවැසියා අතර සබඳතාවය ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකල අතර තේරීපත්වූ පළාත් පාලන සභිකයෙකුගේ අසුන අහෝසි කරමින් පසුගියදා මොණරාගල මහාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

එහිදී පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්වූ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අතීතයේ සිටම බලයේ සිටින දේශපාලන පක්ෂ සිය බලපැවැත්ම තහවුරු කරගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධන කල බවයි. තවද ඊට තිත තැබිය යුතු කාලය එළඹ ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.

එම සාකච්ඡාවට එක්වූ කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින්ද පෙන්වාදුන්නේ පැෆ්රල් සංවිධානය මැතිවරණ ක්‍රමයේ සංශෝධන සම්බන්ධයෙන් දරණ මතයන් හා සිය මතයන් අතර පරස්පරතාවයක් නොමැති බවයි. එමෙන්ම සිය පක්ෂය සෑමවිටම දේශපාලන සංස්කෘතියේ වර්ධනය වෙනුවෙන් සෑමවිටම පෙනීසිටින බවත් ඔවුන් පැවසීයය.

මෙම සාකච්ඡාවට කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, පා.ම වීරසුමන වීරසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුදසිංහ, උප සංවිධායක විල්ෆ්‍රඩ් ජයසිංහ, සංවිධායක ලේකම් සැනී විජේසිංහ යන මහත්වරුන් එක්වූ අතර පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, භාණ්ඩාගාරික ක්‍රිස්ටෝබල් සවරිමුත්තු හා උප සභාපති කේ.එන් ඩීන් යන මහත්ම මහත්මීන් එක්විය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com