පුවත්

මැතිවරණ ඉතිහාසයේ තවත් තීරණාත්මක නඩු තීන්දුවක්

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොනරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී
සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන්නේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව මොනරාගල මදුරකැටිය කොට්ඨාශයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟවැදුණු ඩබ්.එම් සුනිල් ශාන්ත
මහතා විසින් 2018 වසරේදී ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමිනි.

මෙම නඩුව පවරා තිබුණේ එම කොට්ඨාශයටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟවැදුණු තරංග දිසානායක මහතා, මැතිවරණ කොමිෂන් සභාව හා එහි සාමාජිකයින්, මොණරාගල තේරීම්භාර නිලධාරී, මොනරාගල සහකාර මැතිවරණ කොමසාරිස් ඇතුලු අනූපස්දෙනෙකු වගඋත්තරකරුවන් කරවමිනි. 

ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කල අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග මහාධිකරණ විනිසුරුතුමා නියෝග කරන ලදී.

මෙම නඩුවේ ප්‍රධාන වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා මහතා පෙනී සිටි අතර රජයේ නිලධාරීන් වෙනුවෙන් රජයේ අධිනීතීඥ කනිෂ්ක රාජකරුණා මහතා පෙනීසිටියේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ චානක කුලතුංග හා නීතීඥ සම්පත් පුෂ්පකුමාර යන මහත්වරුන් පෙනීසිටියහ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com