පුවත්

නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැෆ්රල් සංවිධානය සිය යෝජනා ලබාදීම ඊයේ (14) දින
සිදුකෙරින. පැෆ්රල් සංවිධානය විසින් සිය යෝජනා මාලාව සකස්කිරීමට පෙර දේශපාලන පක්ෂ, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, පුරවැසි කණ්ඩායම් හා ආයතන සමගින් දිවයින පුරාම ආවරණය වන පරිදි සාකච්ඡා ගණනාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවන් වලදී මතුවූ අදහස් සිය යෝජනා මාලාව සකස්කිරීමේදී සැලකිල්ලට ගැනින.

මැතිවරණ ක්‍රමය, අපේක්ෂක වියදම් සීමා කිරීම, කාන්තා නියෝජනය තහවුරු කිරීම, වත්කම් බැරකම් ප්‍රකාශ ජාතික ලැයිස්තුව මගින් අපේක්ෂකයන් තෝරා ගැනීම, දේශපාලන පක්ෂ ලියාපදිංචිය, සියලුම ඡන්දදායයින්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම, මහජන නියෝජිතයන් පක්ෂ මාරුකිරීම, පුරවැසි කාර්යභාරය, මන්ත්‍රී ධූරය අහිමිවිය හැකි අවස්ථා මෙන්ම සීමානිර්ණය ඇතුළු අංශ ගණනාවක් කෙරෙහි පැෆ්රල් සංවිධානය සිය යෝජනාවලිය සකස්කිරීමේදී අවධානය යොමුකරනු ලැබීය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කෙරුණු මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය ජී. එල්. පීරිස්, අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පා.ම අනුර දිසානායක, පා.ම කබීර් හෂීම්, පා.ම ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම මනෝ ගනේෂන්, පා.ම එම්. ඒ. සුමන්තිරන්, පා.ම මධුර විතානගේ හා පා.ම සාගර කාරියවසම් යන මැති ඇමතිවරුන් ඇතුළත්ව සිටිති.

පැෆ්රල් සංවිධානය විසින් සිය යෝජනා මාලාව පිළිබඳව කාරක සභාව හමුවේ අදහස් දැක්වූ අතර කාරක සභා නියෝජිතයින්ද පැෆ්රල් යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

මෙම යෝජනාමාලාව බාරදීමේ අවස්ථාවට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ආචාර්ය ජෙහාන් පෙරේරා, ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, කේ.එන් ඩීන් යන මහත්ම මහත්මීන්ද පරිපාලන නිලධාරී ඉන්දික ජීවන්දර, ජ්‍යේෂඨ වැඩසටහන් නිලධාරිනී උපේක්ෂි ප්‍රනාන්දු, නීති සම්බන්ධීකාරක ඉසුරු කරවිට යන අය සහභාගී විය. මෙම කාරක සභාව සිය යෝජනා බාරගැනීම අද (15) දිනයෙන් අවසන් කිරීමට නියමිතය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com