පුවත්

මෛත්‍රී උරුමය ලබයි හෙළ උරුම සහාය මෛත්‍රීට නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇති බව ඊයේ (02දා) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

 මෛත්‍රී උරුමය ලබයි
හෙළ උරුම සහාය මෛත්‍රීට නිල වශයෙන් ප්‍රකාශ කරයි

 

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇති බව ඊයේ (02දා) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සහ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඇතිකරගත් ජාතික ප්‍රතිඥවකට අනුව මෙම තීරණය ගත් බව ජාතික හෙළ උරුමය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02දා) පෙරවරුවේ ඇතුල්කෝට්‌ටේ සෝලිස්‌ ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

කරුණු ගණනාවකින් සමන්විත එම ජාතික ප්‍රතිඥවේදී ප්‍රධාන වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වී දින 100ක්‌ ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය සහ යහපාලන ය නැවත ස්‌ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ කරුණු ගණනාවක්‌ ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙන බවද පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ජාතික හෙළ උරුමය ඇතුළු සියලුම පක්‍ෂවල සහයෝගයෙන් මේ දින 100 ඇතුළත ජාතික සමගි ආණ්‌ඩුවක්‌ පිහිටුවා ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට එකඟවී තිබෙන බවත් මෙය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හෝ එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩුවක්‌ නොව මෙය ජාතික සමගි සන්ධාන ආණ්‌ඩුවක්‌ බවත් පාඨලී චම්පික රණවක මහතා කීය.

මෙය ඉතාම කෙටි දේශපාලන න්‍යාය පත්‍රයක්‌ බවත් මේ කෙටි දේශපාලන න්‍යාය පත්‍රය රටේ ඉදිරි ගමන් මග තීරණය කිරීමට ඉතාම අත්‍යවශ්‍ය යෑයි විශ්වාස කරන බවත් මේ අයුරින් ඉදිරියට යැමට නොහැකි අතර මේ දේශපාලන ප්‍රතිසංස්‌කරණ රටේ ඉදිරිගමට අවශ්‍ය බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් තිබෙන අත්තනෝමතික බලතල සංශෝධනය කිරීමට, විධායක ජනාධිපතිට අවශ්‍ය ආකාරයට ඕනෑතරම් ඇමැතිකම් ඇති කිරීමට, ඕනෑ තරම් ඇමැති ධුර දැරීමට, ඕනෑම කෙනෙක්‌ අමාත්‍යාංශයක ලේකම් ධුරයට පත් කිරීම, ඕනෑම කෙනෙක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් බවට පත් කිරීමට ලැබී තිබෙන අත්තනෝමතික විධායක බලතල, වසරකට පසු ඕනෑම අවස්‌ථාවක පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ලැබී තිබෙන මේ අත්තනෝමතික බලතල ඉවත් කිරීමට අපි මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එකඟතාවකට ඇවිත් තිබෙනවා යෑයිද ඒ මහතා කියා සිටියේය.

 

Source - www.divaina.com/2014/12/03/news01.html

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com