පුවත්

හංසයා ලකුණින් මෛත්‍රීට ඇප බඳී

මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඊයේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‌ෂ,

 හංසයා ලකුණින් මෛත්‍රීට ඇප බඳී

 

\"\"
මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඊයේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‌ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශර්මිලා පෙරේරා යන මහත්ම මහත්මීන්...



ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා විපක්‌ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් හංසයා ලකුණ සහිත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඊයේ (02 දා) ඇප තැන්පත් කළේය. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක්‌ රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේ දී ඊයේ සවස 02.15 ට පමණ ඇප තැන්පත් කර තිබේ. 

2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාද තරග කරනු ලැබුවේ මෙම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්‍ෂයෙන් හංසයා ලකුණ යටතේය. 

නව ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික ලලිත් පෙරමුණ වශයෙන් 1995 වසරේදී ආරම්භ වූ මෙම පක්‍ෂය 1998 දී එක්‌සත් ලලිත් පෙරමුණ ලෙසද, 2009 වසරේ එය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වශයෙන් ලියාපදිංචි කෙරිණ.

මෙම පක්‍ෂයේ නායකයා ශලීල මුණසිංහ මහතා වන අතර වර්ණය කහ සහ කොළ පැහැ වේ. 

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඇප තැන්පත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‌ෂ, නීතිඥ රෝනල්ඩ් පෙරේරා යන මහත්වරුන්ද සහභාගි වී ඇත.

 

Source - www.divaina.com/2014/12/03/news02.html

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com