පුවත්

ව්‍යවස්‌ථා වෙනසක්‌ කරනවා ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ව්‍යවස්‌ථා වෙනසක්‌ කරනවා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට පුළුල් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇතුළත් කෙරෙන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳ

 ව්‍යවස්‌ථා වෙනසක්‌  කරනවා
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ව්‍යවස්‌ථා වෙනසක්‌ කරනවා

 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට පුළුල් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇතුළත් කෙරෙන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

විද්වත් මණ්‌ඩලයක්‌ විසින් මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන බවත් ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට සකස්‌ කෙරෙමින් පවතින බවත් ඇමැතිවරයා පැවසීය.

2005 දී මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයත්, 2010 මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඉදිරිපත් කළ අයුරින් මෙවර තුන්කල් දැක්‌මක්‌ සහිත මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් කෙරෙන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (2 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කෙරෙන්නේ කවදාදැයි මාධ්‍යවේදියකු නැඟූ+ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

 

Source - www.divaina.com/2014/12/03/news03.html

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com