පුවත්

පිහිටුවන ජාතික සමගි සන්ධානයට මහින්ද ඇතුළු පිරිසටත් ආරාධනා කරනවා

මේ එළැඹෙන්නේ චන්ද්‍රිකා මහත්මියගේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුවක්‌ නොව, ජාතික සමගි සන්ධාන ආණ්‌ඩුවක්‌ බවත් ඒ ආණ්‌ඩුවේ කොටස්‌කරුවෙක්‌ වෙන්න මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඇතුළු

 පිහිටුවන ජාතික සමගි සන්ධානයට මහින්ද ඇතුළු පිරිසටත් ආරාධනා කරනවා

 

මේ එළැඹෙන්නේ චන්ද්‍රිකා මහත්මියගේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුවක්‌ නොව, ජාතික සමගි සන්ධාන ආණ්‌ඩුවක්‌ බවත් ඒ ආණ්‌ඩුවේ කොටස්‌කරුවෙක්‌ වෙන්න මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඇතුළු පිරිස්‌වලටත් ආරාධනා කරනවා යෑයි ජාතික හෙළ උරුමය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.

අපි සියලු දෙනා එකතුවෙලා රටේ අනාගතය වෙනුවෙන් මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න කැප වෙනවා. මේක රටේ බෞද්ධ, සිංහල ජනතාවගේ පමණක්‌ ප්‍රශ්නයක්‌ නොව රටේ සෑම ජන කණ්‌ඩායමකම ඓතිහාසික අවශ්‍යතාවක්‌ යෑයි පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ ඓතිහාසික අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා අපි ඇපවෙලා කැපවෙලා මේ මැතිවරණයේදී ක්‍රියා කරන බවත් එය අද මේ රටට අත්‍යවශ්‍ය ක්‍රියාදාමයක්‌ ඉෂ්ට කිරීමක්‌ යෑයිද රණවක මහතා ප්‍රකාශ කළේය.

මේ අත්‍යවශ්‍ය ක්‍රියාදාමය ඉෂ්ට කිරීමේදී සියලුම පාර්ශ්වයන් එකට එකතු කළ හැකි ජාතික නායකත්වයක්‌ අවශ්‍ය යෑයි ඒ මහතා කියා සිsටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේ බව කියා සිටියේ ජාතික හෙළ උරුමය පක්‍ෂය ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්‌වන බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (02දා) පෙරවරුවේ ඇතුල්කෝට්‌ටේ සෝලිස්‌ ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලී චම්පික රණවක මහතාá

අද මේ රටේ නීතිය දේශපාලනීකරණය වෙමින් ඇතිවී තිබෙන බලගතු තත්ත්වය සහ ඒ නීතිය පසිඳලන ස්‌ථාන පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ඒ නිසා අධිකරණයේ ස්‌වාධීනත්වය නැවත ඇති කර ගැනීමට, අපක්‍ෂපාතී විනිසුරුවරුන් අධිකරණයට ඇතුළුවීමටත් ව්‍යවස්‌ථාපිත මැතිවරණ යොදා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මැතිවරණය සඳහා රාජ්‍ය බලය, ධන බලය, මාධ්‍ය බලය යොදා ගනිමින් සිදු කරගෙන යන මේ මැතිවරණ ක්‍රියාදාමය වෙනුවට මැතිවරණ කොමසාරිස්‌වරයාට බලතල ලබාදෙමින් අපේක්‍ෂකයන්, ආයතන, සංවිධාන, දේශපාලන පක්‍ෂ නියාමනය කිරීමේ පූර්ණ බලතල සහිත මැතිවරණ කොමිසමක්‌ ඇතිකර ගැනීමේ යෝජනාවකට එකඟවී තිබෙනවා. ඒ වගේම විගණනය පිළිබඳව, කළමනාකරණ, තාක්‍ෂණික, දූෂණ වංචා කිරීම පිළිබඳ බලගතු ව්‍යවස්‌ථාපිත බලයක්‌ සහිත ක්‍රියාමාර්ග ගන්න පුළුවන් දූෂණ වංචා සෙවීමේ කොමිසමක්‌ ඇති කිරීමටත් එකඟවී තිබෙනවා. 

දැනට පවතින අනුපාත මැතිවරණ ක්‍රමය වෙනුවට ආසන මට්‌ටමින් හෝ අනුපාත මට්‌ටමින් නැතහොත් දෙකේම එකතුවෙන් මැතිවරණ ක්‍රමයක්‌ ඇති කර ගැනීම, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේදී රටේ ඒකීයභාවය, බුද්ධ ශාසනය සහ සෙසු ආගම්වලට ලැබී තිබෙන ව්‍යවස්‌ථා වගන්ති කිසිසේත් වෙනස්‌ නොකරන්න, ඒ සම්බන්ධ දේ සාකච්ඡා නොකර ඉන්න අපි තීරණය කර තිබෙනවා.

එමෙන්ම යුද අධිකරණ පිළිබඳ ප්‍රශ්නයේදී රට වෙනුවෙන් එකඟතාවකට ඇවිත් තියෙනවා. රට වෙනුවෙන් සටන් කරපු සේනාධිනායක ජනාධිපතිවරයා හෝ ත්‍රිවිධ හමුදාපතිවරු හෝ ඒ සෙසු නිලයන් හෝ වේවා, ආරක්‍ෂක ලේකම් හෝ වේවා යුද අධිකරණවල දඬුවම් දීමට එරෙහිව රට ඇතුළේ අපිට කරන්න පුළුවන් සෑම රැකවරණයක්‌ම ලබාදීමට කටයුතු කරනවා.

ඉන් පසු අපේ ඉල්ලීම වන ජාතික සමගි සන්ධානය ඇති කිරීමෙන් පසු කාට කාටත් පුළුවන් මහා මැතිවරණයකට ගිහින් නිදහසේ ඒ මැතිවරණවලදී නැවත තමන්ගේ බලය ලබා ගැනීමට.

මෙහිදී අදහස්‌ දැක්‌වූ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාá

ජාතික හෙළ උරුමය රටට, රටේ ජනතාවට ආදරය කරන සැබෑ දේශප්‍රේමී පක්‍ෂයක්‌ විදිහට මේ ගත්තාවූ තීරණය මම ඉතාමත් අගය කරනවා. පොදු අපේක්‍ෂකයා වශයෙන් පත්වූ මා සඳහා සහයෝගය ලබාදීමට ඇති කරගත් එකඟතාවන් ගැන ජාතික හෙළ උරුමයේ ගෞරවනීය මහා සංඝරත්නයට, නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා.

විශේෂයෙන්ම අපේ මැතිවරණ ව්‍යාපාරයේදී අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන, වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අත්සන් කළ කිසිම ලියවිල්ලක්‌ රහසිගත නෑ. කිසිම දේශපාලන පක්‍ෂයක හෝ සංවිධානයක්‌ සම්බන්ධයෙන් මම රහසිගත ලියවිලි අත්සන් කරන්නේ නෑ. රටට සහ ජනතාවට විවෘතව ඉදිරිපත් කළ හැකි එකඟතාවන්, ගිවිසුම් සහ සම්මුතීන් පමණයි අත්සන් කරන්නේ. ඒ නිසා හොඳ විනිවිදභාවයක්‌ තිබෙනවා අපේ දේශපාලන ව්‍යාපාරය තුළ. 

මේ වන විටත් අපිට නොයෙකුත් අවලාද අගෞරව කරනවා. දේශපාලන ලෝකයේ අපේ රටේ විතරක්‌ නොවෙයි සෑම රටකම ඒවා තියෙනවා. අපි ඒවා බලාපොරොත්තු වන්න ඕනෑ. විශේෂයෙන් රජයේ පාර්ශ්වය පසුගිය සතියේ කොළඹ නගරයේ විශාල මඩ පොස්‌ටර් ව්‍යාපාරයක්‌ ගෙන යනවා අපි දුටුවා. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ වැටිල තියෙන බංකොලොත්භාවය ඉන් පෙන්නුම් කරනවා.

අරලියගහ මන්දිරයේ මැතිවරණ කමිටුවේ සිටි බොහෝ අය දැන් එයින් ඉවත් වෙනවා. සමහරු මං ගාවට එනවා. නම් කියන්න අවශ්‍ය නැහැ. සංස්‌ථා සභාපතිවරු, අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරුන් ඉවත්වෙලා මාත් සමග අපේ මැතිවරණ ව්‍යාපාරයට එකතු වෙනවා. මේක මගේ පෞද්ගලික මැතිවරණ ව්‍යාපාරයක්‌ නොවෙයි. මුළු මහත් ජාතිය වෙනුවෙන් ගන්නා වූ ව්‍යායාමයක්‌. ඒ ව්‍යායාමය ජයග්‍රහණය කරන බව අපිට ඉතාමත් පැහැදිලියි.

Source - www.divaina.com/2014/12/03/news22.html

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com