පුවත්

8 වැනිදායින් පසුවත් ජනතා වරමින් ජනපති මමයි

කවුරු ඒකපාර්ශ්වික ගිවිසුම් ගැසුවත් තමා සමඟ සිටින සහෝදර පක්ෂ සමඟ ජනතාව වෙනුවෙන් එකට අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

 

8 වැනිදායින් පසුවත් ජනතා වරමින් ජනපති මමයි

* පොළොන්නරුවේ සංවර්ධනයට මිලියන 1000ක් ලබා දුන්නා

* අය-වැයෙන් රුපියල් මිලියන 136ක් පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයට ලබා දුන්නා

 

 

* හැම අමාත්‍යාංශයකටම කෝටි 2ක මුදලක් ලබා දුන්නා

*  මම කකුලෙන් ඇද්දා කියන්නෙත් මේ අයම තමයි

 ජනපති ඇඹිලිපිටියේ දී කියයි

ධනුෂ්ක ගොඩකුඹුර

 

\"\"කවුරු ඒකපාර්ශ්වික ගිවිසුම් ගැසුවත් තමා සමඟ සිටින සහෝදර පක්ෂ සමඟ ජනතාව වෙනුවෙන් එකට අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ජනවාරි 8 වැනිදාට පසුවත් ජනතා වරමින් ජනාධිපති වන්නේ තමා බවද ජනාධිපතිවරයා කීය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, හෙළ උරුමය සහ තවත් පක්ෂ එකිනෙකා සමඟ පෙළට ගිවිසුම් අත්සන් කරන බව පැවසූ ජනාධිපතිතුමා ඒකපාර්ශ්වික ගිවිසුම් තමාට අවශ්‍ය නැති බවත් අවධාරණය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ විශාලතම මහජන පොළ වන ඇඹිලිපිටිය මහජන පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමිනි.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර ඇති මෙම මහජන පොළේ වෙළෙඳුන් දහසකට වෙළෙඳාම් කිරීමට ඉඩ පහසුකම් ඇත.

මහජන පොළ ජනතා අයිතියට පත් කිරීමට සපැමිණි ජනාධිපතිතුමා පිළිගැනීමට දහස් සංඛ්‍යාත ජනකායක් රැස්ව සිටි අතර ජනාධිපතිතුමා ද ජනතාව සමඟ සුහද කථා බහක නියැ‍ළුණේය.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය කර ගැනීමටත් මෙම මහජන පොළේ පහසුකම් සපයා ඇති අතර එළවළු, පළතුරු සහ මාළු වෙළෙඳුන් හට මෙහි වෙළෙඳ කුටි ඉදිකර තිබේ.

අපට ඇත්තේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඇමැතිවරයකුට වගකීමක් භාර දුන් පසු ඔහු එය ඉටු කළ යුතු බවත් වගකීම ඉටු නොකර තමාට චෝදනා කිරීම නිවැරැදි නොවන බවත් පැවසීය.

වගකීමක් භාර දුන් පසු එය මේ ආකාරයට කරන්නැයි කියමින් තමා කිසිවිටෙක ඇඟිලි නොගසන නමුත් වගකීම් ඉටු කර ගත නොහැකි වූ අය ඔවුන්ගේ බැරිකම වසා ගැනීමට වැඩ කිරීමට ඉඩ නොදුන් බවට චෝදනා කරන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පනතක් කෙටුම්පත් කළ විට එය අමාත්‍යාංශ ලේකම්, පුද්ගලික ලේකම්, නීති නිලධාරී, විෂයභාර නිලධාරී ළඟ මෙන්ම ඇමැතිවරයා ළඟත් තිබිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා පනතක් නැති වී ඇතැයි ඇමැතිවරයකු කියන්නේ කෙසේදැයි තමා නම් නොදන්නා බව පැවසීය.

ජනතාවට සේවය කිරීම උදෙසා සෑම අමාත්‍යාංශයකටම රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා එම මුදලින් වැඩ කිරීම ඇමැතිවරුන්ගේ වගකීම බවත් පැවසීය.

අයවැයෙන් රුපියල් මිලියන 136ක් ලබා දුන් එකම පාසල වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය නොව පොළොන්නරුව රාජකීය විද්‍යාලය බව පැවසූ පොළොන්නරුවේ සංවර්ධනයට පමණක් රුපියල් මිලියන 1000ක් ලබා දුන් බවත් සිහිපත් කළ ජනාධිපතිතුමා දැන් තමා කකුලෙන් ඇද්දා යැයි කියන්නෙත් මේ අයම බවත් පැවසීය.

අද ඇතැමුන් සහෝදර සමාගමක් ගැන කථා කරන නමුත් චමල්, බැසිල්, නිරූපමා යන සහෝදර සහෝදරියන් දේශපාලනයට ගෙනාවේ තමා නොව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

තමා ගෙනා එකම සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව පැවසූ ජනාධිපතිතුමා තමා මෙවැනි කරුණු ගැන කථා කරන්නට සූදානම් නැති නමුත් අපට බනින විට මේවා නොකියා බැරි බවත් පැවසීය.

ඇඹිලිපිටිය නගරාධිපති වේවැල්දූවේ ඥානප්‍රභ හිමි ඇතුළු මහා සංඝරත්නයත් සබරගමුව පළාත් ආණ්ඩුකාර වි. ජ. මු. ලොකුබණ්ඩාර, ප්‍රධාන ඇමැති මහීපාල හේරත්, ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනී රෝහණ, රංජිත් සොයිසා, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

 

See more - www.dinamina.lk/2014/12/04/_art.asp

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com