පුවත්

මෙවර මැතිවරණයට ප්ලාස්ටික් ඡන්ද පෙටිටි භාවිතා කරයි

මෙවර පළාත් සභා ඡන්ද වීමසීම සඳහා විනිවිද පෙනෙන ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිත කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

\"\"

මෙවර පළාත් සභා ඡන්ද වීමසීම සඳහා විනිවිද පෙනෙන ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිත කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ අත්හදා බැලීමක් ලෙස ඡන්ද පෙට්ටි 250 ක් මැතිවරණය සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බවයි.

එම ඡන්ද පෙට්ටි මහනුවර , යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් වෙයි.

මෙතෙක් භාවිත කළ ලීයෙන් නිමකර ලද ඇතැම් ඡන්ද පෙට්ටි දිරාපත් වී හෝ අබලන් තත්ත්වයට පත්වී ඇති හෙයින් මෙම ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිත කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

නව ඡන්ද පෙට්ටි ලීයෙන් නිමකිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම ද ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිත කිරීමට හේතුවක් බව එම කාර්යාලය පෙන්වාදෙයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com