පුවත්

ඡන්දයට සේවකයින්ට නිවාඩු නොදුන්නොත් සේවායෝජකයින්ට නඩු

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ඔවුන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමට අමතරව වැටුප් සහිත විශේෂ නිවාඩු දිනයක් ලබානොදෙන සේවායෝජකයන්

\"\"රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ඔවුන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමට අමතරව වැටුප් සහිත විශේෂ නිවාඩු දිනයක් ලබානොදෙන සේවායෝජකයන් හට ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනත අනුව නීති මගින් දඬුවම් ලබාදෙන බව මැතිවරණ කොමසාරිස්තුමා පවසයි.

සෑම සේවකයෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබාදෙනු ලබන නිවාඩු කාලසීමාව එම සේවකයාගේ සේවාස්ථානයේ සිට ඡන්ද පොල දක්වා ඇති දුර ප්‍රමාණය මත සේවා යෝජකයා නිගමනය කල යුතු බවත් ඡන්ද හිමිකම් ඇති සේවකයෙකු විසින් ලියවිල්ලකින් කරන ඉල්ලීමක් අනුව පෞද්ගලික ඡන්දය දීමට හැකිවන සේ පැය 4 කට නොඅඩු කාලයක් වැටුප් අඩු නොවන පරිදි ලියවිල්ලකින් නිවාඩු ලබාදිය යුතු බවත් නිවාඩු ලබාදෙනු ලැබූ කාලසීමාව සේවාස්ථානයෙහි ප්‍රදර්ශනය කල යුතු බවත් අදාල පනතෙහි දැක්වේ.

මෙයට පෙර පැවති ඡන්ද විමසීම්වලදී නීතිය අනුව නිවාඩු ලබාගැනීමට යාමේදී සේවකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ජනාධිපතිවරණයේදී නීත්‍යානුකූල නිවාඩු ලබාදෙන්නැයි මැතිවරණ කොමසාරිස්තුමා රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයෙන්ම ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා තෝරාපත්නරගැනීම පිළිබඳ පනතෙහි දැක්වෙන්නේ නියමිත නිවාඩු ලබාදීම පැහැර හරින්නෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකදී වරදකරුවෙකු කරනු ලැබූ විට රුපියල් 500 නොඉක්මවන දඩයකට හෝ මාසයක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගතකිරීම යන දඬුවම් දෙකටම යටත්විය යුතු බවයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com