පුවත්

ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකරගත යුතු නැහැ - මැතිවරණ කොමසාරිස්

ජනපතිවරණය අවසන්වීමෙන් පසු රටේ ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යන බවට පොලිස්පතිවරයා සහතිකවී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

\"\"ජනපතිවරණය අවසන්වීමෙන් පසු රටේ ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යන බවට පොලිස්පතිවරයා සහතිකවී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

අද (04) ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ ජනපතිවරණ දිනයේ කලබල ඇතිවේ යැයි ඡන්දදායකයින් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි.

එදින හා ඉන්පසුව සියලු ආරක්ෂක කටයුතු පොලීසිය විසින් සිදුකරන බවත් බියෙන් සැකයෙන් තොරව ඡන්දදායකයින්ට සිය ඡන්ද මධ්‍යස්ථාන කරා ගොස් ඡන්දය භාවිත කල හැකි බවයි මැතිවරණ කොමසාරිස්වරයා දක්වා ඇත්තේ.

එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ  ජනාධිපතිවරණ පනතේ විධිවිධාන අනුව තමා විසින් අවසර ලබාදී ඇති පුද්ගලයින් හැරෙන්නට අනවසරයෙන් පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බවයි.


 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com