පුවත්

පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට කටයුතු කරන්න - මහා නාහිමිවරු පවසති

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ඉල්ලා සිටිති. සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය නාහිමිවරුන් මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්

\"\"නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ඉල්ලා සිටිති. සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය නාහිමිවරුන් මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති නිවේදනයකින් මෙසේ ඉල්ලා ඇත.

උන්වහන්සේලා නිකුත් කර ඇති නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමේදී පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් වැලකී සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එමෙන්ම තමන්වහන්සේලා ඉදිරිපත් කරන නිවේදනය අතීතයේ පටන් මහා සංඝරත්නය වෙත පැවරී ඇති පරිදි රටේ ජනතාව යහපත් දැහැමි පිරිසක් ලෙස සමගියෙන් සමාදානයෙන් සහජීවනයෙන් ජීවත්වීමට අවශ්‍ය නිසි මාර්ගෝපදේශනය ලබාදීමේ එකම අභිලාෂයෙන් ඉදිරිපත් කරනු ලබන බවද උන්වහන්සේලා සඳහන්කොට ඇත.








 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com