පුවත්

ව්‍යවස්ථාදායක සභාව පළමු වරට රැස්වෙයි

නව ආණ්ඩුව යටතේ පැවැත්වෙන පළමු ව්‍යවස්ථාදායක සභා රැස්වීම අද (10) පැවැත්වීමට නියමිතය.

\"\"නව ආණ්ඩුව යටතේ පැවැත්වෙන පළමු ව්‍යවස්ථාදායක සභා රැස්වීම අද (10) පැවැත්වීමට නියමිතය.

කතානායක කරූ ජයසූරිය හතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර මේ වන විට එහි සමස්ත සාමාජික සංඛ්‍යාව වන 10 න් සාමාජිකයින් 07 දෙනෙකු නම්කොට ඇත.

සිවිල් සංවිධාන නියෝජනය කරමින් හිටපු නීතිපතිවරයෙකු වන ෂිබ්ලි අසීස් මහතාගේ නමද සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතාගේ නමද එක්සත් ජාතින්ගේ හිටපු නියෝජිතවරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමිගේ නමද ඒ සඳහා යෝජනා වී තිබුණත් මෙතෙක් ඔවුන් තිදෙනාට ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව නොමැත.

ව්‍යවස්ථාදායක සභාව සඳහා නිල බලයෙන් කතානායකවරයා අග්‍රමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා පත්වන අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වශයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද නම්කොට ඇති අතර සුලු පක්ෂ නියෝජනය කරමින් ඊට නම්කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් මහතායි.


 
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com