පුවත්

ආණ්ඩුව ක්‍රියාකාරී සැලැස්මක් රටට ඉදිරිපත් කල යුතුයි - මාර්තු 12 ව්‍යාපාරය

වර්තමාන ආණ්ඩුව තුළින් ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුවත් නමුත් ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාවලිය තුළ පෙර ආණ්ඩුව හා වෙනස්කම් දක්නට ඇත්තේ ඉතා අඩුවෙන් බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

\"\"වර්තමාන ආණ්ඩුව තුළින් ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුවත් නමුත් ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාවලිය තුළ පෙර ආණ්ඩුව හා වෙනස්කම් දක්නට ඇත්තේ ඉතා අඩුවෙන් බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

ඊයේ (14) කොළඹ 10 සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් එහි මෙහෙයුම් කමිටු සාමාජික පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ ඉදිරි වසර දෙකක කාලය තුළදී ආණ්ඩුව විසින් රට තුළ සිදුකිරීමට සැලසුම් කර තිබෙන වැඩපිළිවෙල පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කල යුතු බවයි.

එමෙන්ම එය දින වකවානු සහිතව ඉදිරිපත් කල යුතු බවත් එසේ වුවහොත් ආණ්ඩුව පොරොන්දුවූ අයුරින් ක්‍රියාකරන්නේද යන්න පිළිබඳව ජනතාවට දැනගැනීමට හැකිවනු ඇති බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.

මෙම මාධ්‍යය හමුව සඳහා රෝහණ හෙට්ටිආරච්චි මහතා සමගින් කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජයීය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.කරුණාතිලක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල යාපා, රයිට්ස් නව් විධායක අධ්‍යක්ෂ නීතීඥ සුදර්ශන ගුණවර්ධන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කළමණාකාරිනී ශෂී ද මෙල් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com