පුවත්

මැතිවරණ කොමිසම පත්කෙරේ

ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා කරනු ලැබ ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත්කොට තිබූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය මේ වන විට ලැබී ඇත.

\"\"ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා කරනු ලැබ ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත්කොට තිබූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය මේ වන විට ලැබී ඇත.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත්කොට ඇති අතර සෙසු සාමාජිකයින් වශයෙන් හිටපු නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ නලීන් ජයන්ත අබේසේකර මහතා හා  යාපන සරසවියේ මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් මහත්වරුන් පත්කොට ඇත.

මේ අනුව ඉදිරියේදී මැතිවරණ කොමිසම රැස්වී ඉදිරියේදී මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත්කරගැනීමට නියමිත අතර එම කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමේ අධීක්ෂණය යටතේ සියලු මැතිවරණ පැවැත්වීමට නියමිතය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com