පුවත්

සීමාමායිම් විමර්ශන කමිටුවට යෝජනා හා පැමිණිලි බාරගැනීම 21 දායින් අවසන්

පළාත් පාලන කොට්ඨාශ සහ පළාත් පාලන ආයතනවල කොට්ඨාශ සීමාමායිම් පිළිබඳ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කොට ඇති බව වාර්තාවේ.

\"\"පළාත් පාලන කොට්ඨාශ සහ පළාත් පාලන  ආයතනවල කොට්ඨාශ සීමාමායිම් පිළිබඳ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කොට ඇති බව වාර්තාවේ.

කොට්ඨාශ මායිම් සම්බන්ධයෙන් මහජනතාවට ඇති පැමිණිලි සම්බන්ධ යම් යෝජනා හෝ පැමිණිලි වේ නම් එම පැමිණිලි ලබන 21 වනදාට පෙර කමිටු ලේකම්වරයා වෙත යොමුකරන ලෙසයි පළාත් පාලන අමාත්‍යාංශ වාර්තා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම කොට්ඨාශ මායිම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය පිරිස් හට තමා පදිංචි ප්‍රදේශයේ මහනගර සභාව, නගර සභාව, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින්ද ගැසට් නිවේදනය හා මායිම් සිතියම් පරීක්ෂා කරබැලීමේ පහසුකම් සලසා ඇති බවයි වාර්තාවන්නේ.

පැමිණිලි හා යෝජනා අංක 330, යූනියන් පෙදෙස, කොළඹ 02 පිහිටි පළාත් පාලන අමාත්‍යාංශයේ කමිටු කාර්යාලයේ ලේකම් වෙත තැපැල් මාර්ගයෙන් හෝ ගෙනැවිත් බාරදිය හැකි බවයි එම අමාත්‍යාංශය පෙන්වාදී ඇත්තේ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com