පුවත්

නි.ඇමැති ගම්පහ පාසල්වල ඡන්ද වැඩ

පාසල් සංවර්ධන සමිති රැස්‌ කිරීමේ මුවාවෙන් පාසල්වල දේශපාලන රැස්‌වීම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදීත් එක්‌තරා නියෝජ්‍ය ඇමැතිවරයකු ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් එවැනි කටයුතු සඳ

පාසල් සංවර්ධන සමිති රැස්‌ කිරීමේ මුවාවෙන් පාසල්වල දේශපාලන රැස්‌වීම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදීත් එක්‌තරා නියෝජ්‍ය ඇමැතිවරයකු ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් එවැනි කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදා ගනිමින් සිටින බවට අධ්‍යාපන බලධාරීන් මැතිවරණ කොමසාරිස්‌ වරයාට පැමිණිලි කර ඇත.

දේශපාලකයන්ගේ අවශ්‍යතා සඳහා පාසල් සංවර්ධන සමිති කැඳවීම තහනම් කරමින් මැතිවරණ කොමසාරිස්‌වරයා කර ඇති නියෝගය මේ වන විට ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් විදුහල්පතිවරුන්ට ලිතව දැනුම් දී ඇත. එහෙත් ඇතැම් විදුහල්පතිවරුන් දේශපාලකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් සිටින බව කලාප අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ග පැවසීය. මේ වන විට කලාපයේ පාසල් කිහිපයකම පාසල් සංවර්ධන සමිති රැස්‌ කිරීමේ මුවාවෙන් දේශපාලන රැස්‌වීම් පවත්වා ඇතැයිද තවදුරටත් බලහත්කාරයෙන් එවැනි කටයුතු සිදු කෙරෙමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. රැස්‌ කෙරෙන පාසල් සංවර්ධන සමිතියට මෙවර පළාත් සභා මැතිවරණයට තරග කරන සහෝදරයා සමග පැමිණෙන නියෝජ්‍ය ඇමැතිවරයා එම පාසලට රුපියල් ලක්‍ෂ ගණනක්‌ ආධාර කරන බවට පොරොන්දු වන බවද මේ ආකාරයෙන් තවත් පාසල්වල මෙවැනි රැස්‌වීම් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ගම්පහ කලාපයේ පාසල් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සත්‍යයක්‌ බවත් එවැනි කටයුතු කළ නොහැකි බවට වන මැතිවරණ කොමසාරිස්‌වයාගේ නියෝගය එලෙසම පවතින බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. මල්ලවආරච්චි මහතා පැවසීය.

 

සමිබන්ධකය මෙතැනින් - www.divaina.com/2014/03/10/news05.html

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com