පුවත්

උතුරේ ජාතික හැඳුනුම්පත් ලබාදීමේ කඳවුරු දෙකක්

ජාතික හැඳුනුම්පත් නොමැති ජනතාව වෙත ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාවක් පසුගියදා පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වින.

\"\"ජාතික හැඳුනුම්පත් නොමැති ජනතාව වෙත ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාවක් පසුගියදා පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වින.

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් හා මරදන්කර්නි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කරගනිමින් සිදුකල එම ජංගම සේවා සදහා විශාල ජන සහභාගීත්වයක් හිමිවිය.

ඩෙල්ෆ්ට් හා මරදන්කර්නි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන් හා කාර්ය මණ්ඩලවල නොමසුරු සහයෝගයද ඊට හිමිවූ අතර ජනතාවද පැෆ්රල් සංවිධානයේ ක්‍රියාකාරීත්වය  එහිදී මහත් අගය කලහ. සර්වෝදය ආයතනය ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය වෙනුවෙන් සහාය දැක්වූ අතර මානව සම්පත් සංවර්ධන ආයතනය මරදන්කර්නි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය වෙනුවෙන් සහාය දැක්වීය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com