පුවත්

ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය වසර 47 කට පසු රැස්වෙයි

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා වූ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය වසර 47 කට පසු ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී එම මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ලෙස අගමැති රනිල් වික්‍

\"\"නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා වූ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය වසර 47 කට පසු  ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී එම මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගන්නා ලදී.

ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස තිලංග සුමතිපාල, සෙල්වම් අඩෙක්‌කලනාදන්, කබීර් හෂීම්, තිලක්‌ මාරපන, මහින්ද යාපා අබේවර්ධන, වෛද්‍ය නලින්ද ජයතිස්‌ස යන මහත්වරුන් සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කල අතර එය ස්ථිර කරනු ලැබුවේ පා.ම එම්.ඒ සුමන්තිරන් මහතා විසිනි.  කථානායක  කරු ජයසූරිය මහතා නිලබලයෙන් සභාපති ධුරයට පත්විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් ලෙස ලක්‍ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, රාවුෆ් හකීම්, විජයදාස රාජපක්‍ෂ, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, මලික්‌ සමරවික්‍රම, ආර්. සම්පන්දන්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම්. ඒ. සුමන්තිරන්, වෛද්‍ය තුසිතා විඡේමාන්න, බිමල් රත්නායක, ප්‍රසන්න රණතුංග, ඩග්ලස්‌ දේවානන්ද යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com