පුවත්

රාජ්‍ය සේවා කොමිසම සිය වගකීම පැහැර හරිමින් සිටිනවා - මැතිවරණ නිරීක්ෂකයෝ කියති

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.

\"\"රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.

කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී  අද පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් පෙන්වාදුන්නේ අධිචෝදනාවලට ලක්වූ නිලධාරීන් තනතුරුවල පිහිටුවීම තුළින් රාජ්‍ය සේවා කොමිසමේ විපරම සහ ඇගයීම යන ක්‍රියාවලිය පිළිබද ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවන බවයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට හා ආර්.කේ රණවක මහත්වරුන්ට නැවත පත්වීම් ලබාදීම ගැටලු සහගත බවද ආයතන සංග්‍රහයේ 27.10 වගන්තියද මෙම පත්වීම් ඔස්සේ උල්ලංඝනයවී ඇති බවයි එම නියෝජිතයින් පෙන්වාදුන්නේ.

මෙම මාධ්‍ය හමුව සඳහා පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි ශාන් විජේතුංග,නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ මංජුල ගජනායක යන මහත්වරු එක්ව සිටියහ

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com