පුවත්

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව පැෆ්රල් අධිකරණය හමුවට

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇත.

\"\"පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇත.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ මෙලෙස නීතිමය පියවර ගැනීමේදී ප්‍රධාන කරුණු 3 ක් සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවයි.

රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඒ අනුව දැනට සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි සභික ප්‍රමාණය හා කොට්ඨාශ ප්‍රමාණය ගැසට්කොට සීමානිර්ණ ගැටලු විසදා අවසන් කරන දිනය සම්බන්ධයෙන් නිශ්චිතව අධිකරණය ඉදිරියේ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දිය යුතුව ඇති බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන කාලවකවානුව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කල යුතු බවටත් පළාත් පාලන ආයතනවල සීමානිර්ණ ගැටලු විසදන අතරම පළාත් පාලන පනතේ පවතින අඩුපාඩුද සකස් කරගත යුතුව ඇති බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com