පුවත්

පුංචි ඡන්දයට අදාල පැෆ්රල් පෙත්සම යළි සලකාබැලීම සැප්තැම්බර් 19 දා

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (12) සලකා බලනු ලැබීය.

\"\"පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (12) සලකා බලනු ලැබීය.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ දැනට සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි සභික ප්‍රමාණය හා කොට්ඨාශ ප්‍රමාණය ගැසට්කොට සීමානිර්ණ ගැටලු විසදා අවසන් කරන දිනය සම්බන්ධයෙන් නිශ්චිතව අධිකරණය ඉදිරියේ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දිය යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් අද දිනයේදී කරුණු දැක්වූ රජයේ නීතීඥවරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යනය කිරීමට අවශ්‍යව ඇති බවයි.

ඒ අනුව මෙම පෙත්සම යළි සලකා බැලීම ලබන සැප්තැම්බර් මස 19 වනදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මැතිවරණ කොමිස‍මේ සභාපතිවරයා, සීමානිර්ණ කමිටුවේ සභාපතිවරයා හා නීතිපතිවරයා  මෙම පෙත්සම මගින් වග උත්තරකරුවන් වශයෙන් නම්කොට ඇත. 

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com