පුවත්

ඡන්දයට ආකෘතිපත්‍ර පුරවන්න අගෝස්තු 26 තෙක් කල්දෙයි

2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා අගෝස්තු මස 26 වන දින තෙක් කාලය ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තාවේ.

\"\"2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා අගෝස්තු මස 26 වන දින තෙක් කාලය ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තාවේ.

මැතිවරණ කොමිසම උපුටා දක්වමින් අද දෙරණ වෙබ් අඩවිය වාර්තාකොට ඇත්තේ මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා ගෙයින් ගෙට ගොස් සිදුකළ සංගණන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.

එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ මෙතෙක් ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර රැසක් බාරදීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා තවදුරටත්  අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බවයි.

එමෙන්ම ඊට අදාළ ආකෘති පත්‍රය මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන්  බාගත කරගැනීමට හැකියාව පවතින බවත් එය සම්පූර්ණ කොට ග්‍රාම නිළධාරීවරයාගේ නිර්දේශයද සහිතව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට හෝ මැතිවරණ කොමිසමේ මහලේකම් කාර්යාලයට බාරදීය යුතු බවත් 
අගෝස්තු මස 26 වන දින දක්වා ඒ සඳහා කල් ලබාදෙන අතර ඉන් අනතුරුව 2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනයට අදාළ ආකෘති පත්‍ර බාරගැනීමක් සිදු නොකරන බව මැතිවරණ කොමිසම කියා සිටින බවත් එම වෙබ් අඩවියේ වැඩිදුරටත් වාර්තාකොට ඇත.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com