පුවත්

සුඛෝපභෝගී නිවාසවල නිවැසියන්ගෙන් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට ලැබෙන සහාය මදි?

සුඛෝපභෝගී නිවාසවල සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාවගේ තොරතුරු ඡන්ද හිමි නාම ලේඛනයට එක්කර ගැනීම අපහසු වී ඇතැයි මැතිවරණ කොමිසම පවසන බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.

\"\"සුඛෝපභෝගී නිවාසවල සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාවගේ තොරතුරු ඡන්ද හිමි නාම ලේඛනයට එක්කර ගැනීම අපහසු වී ඇතැයි මැතිවරණ කොමිසම පවසන බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.

එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඡන්ද හිමි නාම ලේඛන ප‍්‍රතිසංශෝධනය කරන අවස්ථාවල ඔවුන්ගෙන් විශාල සහයෝගයක් නොලැබෙන බවයි. ඊට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ඔවුන් වෙත තොරතුරු ගලා යාමේ දී ඇති වන ගැටළුවයි. මෙම තත්වය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසා ඇත්තේ. එමෙන්ම වීථි ජනතාව ලියාපදිංචි කිරීමේ දී ද ගැටළුවක් පැන නැගී ඇති බවයි මහින්ද දේශප‍්‍රිය මහතා පෙන්වාදී ඇත.

තවද ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් අවසන් කර තිබෙන අතර එහි කෙටුම්පත ප‍්‍රදර්ශනය කිරීමටයි පියවර ගෙන ඇත. අදාළ කාල සීමාව තුළ ඡන්ද නාම ලේඛනයට ඇතුළත් නොවු පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි මැතිවරණ කොමිසම පෙන්වාදෙන බව එම මාධ්‍යය වාර්තා සදහන්කොට ඇත.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com