පුවත්

මාර්තු 12 ව්‍යාපාරයෙන් තරුණ නායකයින් වෙනුවෙන් නේවාසික කඳවුරක්

මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන තරුණ කඳවුරක් හෙට (10) හා අනිද්දා (11) දෙදින බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

\"\"මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන තරුණ කඳවුරක් හෙට (10) හා අනිද්දා (11) දෙදින බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

එම ව්‍යාපාරය විසින් මේ වන විට දිවයින පුරා ආවරණය වන පරිදි සිදුකරගෙන යනු ලබන තරුණ නායකයින් සවිබලගැන්වීමේ වැඩමුලු මාලාවට සමගාමීව මෙම පුහුණු කඳවුර පැවැත්වීමට නියමිත අතර යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් මෙන්ම යෞවන සමාජ නියෝජනය කරන තරුණ නායක නායිකාවන්ද මේ සඳහා සහභාගීවීමට නියමිතය.

මෙම කඳවුරෙහි ආරාධිත දේශකයින් වශයෙන් පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා හා එස්.එස් මොහාන් යන මහත්වරුන් සහභාගීවීමට නියමිත අතර සර්වෝදය විධායක අධ්‍යක්ෂ චාමින්ද රාජකරුණා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා හි නීතීඥ ජගත් ලියනාරච්චි හා ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍යය උපේදේශක නීතීඥ ඩිල්ෂාන් පතිරත්න යන මහත්වරුන්ද ආරාධිත දේශකයින් වශයෙන් සහභාගීවීමට නියමිතය.


මෙම කඳවුරට අදාල වැඩිදුර විස්තර යොවුන් පාර්ලිමේන්තුවේ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික නීලක බාලසූරිය මහතා 0775355603 අංකය ඔස්සේ ඇමතීමෙන් දැනගත හැකිය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com