පුවත්

කාන්තා නියෝජන කෝටාවට ඔස්ට්‍රේලියාවෙන් සහාය

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සඳහා වූ නව කෝටා ක්‍රමය සඳහා ඔස්ට්‍රේලියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන සහයෝගය දැක්වීමේ වැඩසටහන කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ඔස්ට්‍රේලියානු තානාපතිනී

\"\"පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සඳහා වූ නව කෝටා ක්‍රමය සඳහා ඔස්ට්‍රේලියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන සහයෝගය දැක්වීමේ වැඩසටහන කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ඔස්ට්‍රේලියානු තානාපතිනී නටාෂා ස්ටොට් ඩෙස්පෝයා මහත්මිය ඊයේ (11දා) එළිදැක්වීය.


ශ්‍රී ලංකාවේ සෑම මට්ටමක පාහේ දක්නට ලැබෙන අඩු කාන්තා නියෝජනය සම්බන්ධ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා අලුතින් හඳුන්වාදී ඇති කෝටා ක්‍රමය මනා අවස්ථාවක් වනු ඇති බව එහිදී කියවුණි.

එමෙන්ම, ඉදිරි මාස 12ක පමණ කාලය තුළදී මැතිවරණ කොමිසමේ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන යටතේ ඡන්දයෙන් තේරීපත්වන මහජන නියෝජිතයන් අතරට කාන්තාවන් අයත්වීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ ඉලක්ක වැඩසටහනක් ක්‍රියාත්මක වනු ඇති බවද සඳහන් කෙරිණි.

මෙම වැඩසටහන යටතපෙළාත් පාලන මැතිවරණයෙන් පසුව අලුතින් තේරීපත් වන මහජන නියෝජිතවරියන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ දේශපාලන මණ්ඩලයේ වැඩසටහන් සඳහා සහාය දැක්වීම මෙන්ම, කාන්තා අපේක්ෂිකාවන් වෙත මතුවන බාධක ඉවත්කිරීම සඳහා දේශපාලන පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීමද සිදුකෙරෙන බව සඳහන් කෙරිණි. අද 


උපුටාගැනීම අද පුවත්පතෙනි
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com