පුවත්

සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි

පළාත් පාලන ආයතනවලට අදාළ සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාවේ සාමාජිකයන් සියලු දෙනාගේ අත්සන් නොමැති බැවින් ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා එම වාර්තාව භාර ගැනීම ඊයේ (2 දා) ප්‍රතික්‍ෂේප කළේය.

\"\"පළාත් පාලන ආයතනවලට අදාළ සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාවේ සාමාජිකයන් සියලු දෙනාගේ අත්සන් නොමැති බැවින් ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා එම වාර්තාව භාර ගැනීම ඊයේ (2 දා) ප්‍රතික්‍ෂේප කළේය. 

කමිටු සභාපති අශෝක පීරිස්‌ මහතා විසින් වාර්තාව ඊයේ සවස ඇමැතිවරයාට භාර දුන් අතර එම වාර්තාවට කමිටු සාමාජිකයන් පස්‌දෙනාගෙන් තිදෙනකු පමණක්‌ අත්සන් කර ඇති බැවින් ඉතිරි දෙදෙනාගෙන් අත්සන් ලබාගෙන වාර්තාව භාර දෙන ලෙස ඇමැතිවරයා කමිටු සභාපතිවරයාට එහිදී දැනුම් දුන්නේය.

එහිදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක්‌ කළ ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා තමා කටයුතු කරන්නේ 2012 අංක 22 දරන පනතට අනුව බවත් කමිටුවට සාමාජිකයන් 5 දෙනකු පත් කළා නම් සියලු දෙනාගේ අත්සන් සහිත සම්පූර්ණ වාර්තාවක්‌ තමාට අවශ්‍ය බවත් කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් කමිටු සභාපති අශෝක පීරිස්‌ මහතා කමිටුවේ සාමාජිකයන් පස්‌දෙනාම එක්‌ව වාර්තාව සකස්‌ කළ බවත් අත්සන් කිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන් පසුව වාර්තාවට බහුතර සාමාජික පිරිසක්‌ අත්සන් කර ඇති නිසා වාර්තාව භාරදීමට පැමිණි බව කීය.

මෙම වාර්තාවට එක්‌සත් ජාතික පක්‍ෂය පත් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්‌. මිස්‌බා මහතා හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන හිටපු ආණ්‌ඩුකාර සාලිය මැතිව් මහතාත් අත්සන් කර නොමැති බවද හෙතෙම කීය.

ජවිපෙ නියෝජනය කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි යන මහත්වරු හා කමිටු සභාපතිවරයා වාර්තාවට අත්සන් කර ඇත.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com