පුවත්

පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම සාර්ථකව ඉදිරියට

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලබන පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම මේ වන විට සාර්ථකව පස්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලබන පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම මේ වන විට සාර්ථකව පස්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

එහි සමාරම්භය පසුගිය 13 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වූ අතර එදිනම පස්වරුවේ ගම්පහ දිස්ත්‍රික් සමුලුව පවත්වන ලදී. අනතුරුව 14 වන දින කුරුණෑගල දිස්ත්‍රික් සමුලුවද 15 වන දින පුත්තලම දිස්ත්‍රික් සමුලුවද 16 වන දින අනුරාධපුර දිස්ත්‍රික් සමුලුවද පැවැත්වූ අතර අද (17) වව්නියාව දිස්ත්‍රික් සමුලුව පැවැත්වීමට නියමිතය.

මාර්තු 12 ව්‍යාපාරයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන මෙම පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ අපේක්ෂාව මාර්තු 12 නිර්ණායකයන්ට අනුකූලව අපේක්ෂකයන්යට නාමයෝජනා ලබාදීමට දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමත් එසේ නොකිරීමත් දේශපාලන පක්ෂ විසින් එය අනුගමනය නොකරන්නේ නම් එසේ ඉදිරිපත් කරන අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව උනන්දු කිරීමත්ය.

මෙම පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමට මැතිවරණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන නිධාරීන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහායද නොමසුරු ලැබෙන අතර අනුරාධපුර දිස්ත්‍රික් සමුලුවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එක්ව සිටීම කැපීපෙනුනි.  

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com