පුවත්

සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම ජනපතිතුමන් විසින් අගයයි

මාර්තු 12 ව්‍යාපාරය විසින් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකල සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ සමාප්තිය පසුගියදා සනිටුහන් කෙරින.

\"\"මාර්තු 12 ව්‍යාපාරය විසින් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකල සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ සමාප්තිය පසුගියදා සනිටුහන් කෙරින.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූයේ මාර්තු 12 ව්‍යාපාරය ජනතාව දැනුවත් කිරීමට ගත් පියවර තමා අගය කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයෙම් ජනතාවගේ නිදහස, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් මුල්කරගත් සටන් පවතින සහ සටන් ජයග‍්‍රහණය කරමින් යන යුගයක, ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස සදඟා නිදහස් අරගල ව්‍යාපාර තුළින් මතුවන විවිධ අදහස්, සංකල්ප සමාජගත කෙරෙන මාර්තු 12 ව්‍යාපාරය සමග අද එක්වීමට ලැබීම පිළිබදව තමන් සතුටුවන බවයි ජනාධිපතිතුමන් පෙන්වාදුන්නේ.

තවද  මනාප ඡන්ද ක්‍රමයෙන් රටේ දේශපාලන සංස්කෘතියේ බරපතල කඩාවැටීමක් සිදුවූ බවත් දේශපාලනඥයා පිළිබදව සමාජයේ තිබූ බලාපොරොත්තු, අපේක්ෂාවන් සහ ගෞරවය බිදවැටුණේද මනාප ඡන්ද ක්‍රමයෙන් බවත් ජනාධිපතිතුමන් සඳහන්කොට සිටියේය.

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කල මෙම උත්සවය සඳහා කෝට්‌ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් වහන්සේ ඇතුළු ආගමික නායකයින්ද මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගීවූ අතර පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතාද එහිදී අදහස් දැක්වීය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com