පුවත්

ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් - මැතිවරණ කොමිසමේ සභාපති

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

\"\"ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සභාපතිවරයා මේ බව පැවසූයේ ඡන්ද හිමියන්ගේ දිනය සැමරීම වෙනුවෙන් අද මීගමුව නගර ශාලාවේදී පැවති උත්සවයකදීය. එහිදී දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේ ඡන්දය භාවිත කිරීම පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම අයිතියක්ද වන බවයි.

එමෙන්ම රටේ නිතිය හදන්නේ , මහජන නියෝජිතයින්  පත්කරන්නේ ජනතාව බවත් රටේ ජනගහනයෙන් සියයට 52 ක් වන කාන්තාවන් බවත් පැවසූ දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිතයන් 120 ක් වත් සිටිය යුතු වුවත් එය 13 ක් වීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි.

එම ප්‍රමාණය වැඩිවිය යුතු බවද සභාපතිවරයා එහිදී පෙන්වාදිය යුතු අතර විශේෂයෙන්ම රූපවාහිනී ඇතුළු ජනමාධ්‍යයන්හි ප්‍රවෘත්ති සමබර විය යුතු බවත් ජනතා විශ්වාසය ඇතිකරලීම වෙනුවෙන් ඔවුන් වගකීමෙන් කටයුතු කල යුතුව ඇති බවත් සමහර ප්‍රවෘත්තීන්හි කොටස් පමණක් විකාශනය කිරීම නොකල යුත්තක් බවත් නිවැරදි දේ ජනතාව අතර යා යුතු බවත් සභාපතිවරයා පැවැසීය.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com