පුවත්

ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි

පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණක් බව ආගමන විගමන පාලක ජනරාල්වරයා තහවුරුකොට ඇත.

\"\"පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණක් බව ආගමන විගමන පාලක ජනරාල්වරයා තහවුරුකොට ඇත.

පැෆ්රල් සංවිධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව විමසමින් ආගමන විගමන පාලකවරයා වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කල අතර ඊට පිළිතුරු සපයමිනුයි ආගමන විගමන පාලකවරයා මේ බැව් තහවුරුකොට ඇත්තේ.
 
ආගමන විගමන පාලක ජනරාල්වරයා සිය ලිපිය මගින් පෙන්වාදී ඇත්තේ මෙම තොරුතුරු සම්බන්ධයෙන් තමා පුලුල් ලෙස විමර්ශනය කල බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, ජාතික හැඳුනුම්පත් අංක සහ උපන් දින ලබාගෙන ද්විත්ව පුරවැසිභාවයට අදාල තොරතුරු පද්ධතිය විමර්ශනයට ලක්කර ඇති බවත් පරිගණක ගත තොරතුරු පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ගේ තොරතුරු පවා විමර්ශනයට ලක් කර ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා දක්වා ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට පමණක් අංක 17096 A දරන ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කොට ඇති බවටයි ආගමන විගමන පාලක ජනරාල්වරයා පෙන්වාදී ඇත්තේ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com