පුවත්

ආණ්ඩුව අධිකරණ මතයට කෙතරම් ගරු කලේද යන්න පිළිබඳව අවධානය යොමු කල යුතුයි

නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හා එහි ගරු මන්තී‍්‍රවරුන්ට ඇති වගකීම හා අයිතිය අප ගෞරවයෙන් පිළිගන්නා බව පැෆ්රල් සංවිධානය පවසයි.

\"\"නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හා එහි ගරු මන්තී‍්‍රවරුන්ට ඇති වගකීම හා අයිතිය අප ගෞරවයෙන් පිළිගන්නා බව පැෆ්රල් සංවිධානය පවසයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය පෙන්වාදෙන්නේඑහෙත් එකී ක‍්‍රියාවලිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික හරයට, ජනතාවගේ සැබෑ නියෝජනයට සහ පාර්ලිමේන්තුව සහ එහි මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාවගේ විශ්වාස හා ගෞරවය පලුදු නොවන ආකාරයට සිදුවිය යුතු බවයි.


රජය ගෙන ආ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පැෆ්රල් සංවිධානය සහ තවත් බොහෝ පාර්ශවයන් විරුද්ධ වූයෙත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යොමු වූයෙත් එකී සංශෝධනය හරහා මැතිවරණ දින නියමයකින් තොරව කල්යාම සහ එය ජනතාවගේ මතය විමසීමකින් තොරව  (ජනමත විචාරණයක්) නොකල යුතුය යන පදනම මත පිහිටා බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

එමෙන්ම එකී පදනම සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණයද ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කරන ලද බවත් පාර්ලිමේන්තුව තුළ සම්මත වූ එකී පනත හරහා කාන්තා නියෝජන වැඩි වීම සඳහා වන ප‍්‍රතිපාදන ඇතුලත් වුවද ඒ හරහා මැතිවරණ පැවැත්වීමට ප‍්‍රමාද කිරීම යහපාලනය නාමයෙන් ක‍්‍රියාත්මක වන රජයක් තුලින් ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකල තත්වයක් බවත් පැෆ්රල් සංවිධානය එම නිවේදනයෙහි දක්වා ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.




2017.09.21
මාධ්‍ය නිවේදනයයි

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරා දැමීම.

පළාත් සභා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කරමින් එය ඉදිරි මැතිවරණ වලදී මිශ‍්‍ර ක‍්‍රමයක් විය යුතුය බවට පනතක් ශී‍්‍ර ලංකික ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තුවේ ගරු මන්තී‍්‍රවරුන් විසින් 2/3 බහුතරයකින් සම්මත කර තිබේ. එළඹෙන පළාත් සභා මැතිවරණය කොට්ඨාශ සහ සමානුපාතික ක‍්‍රමය සහිත මිශ‍්‍ර ක‍්‍රමයකට පැවැත්වීම සාධනීය කරුණක් ලෙස අප පිළිගන්නා අතර නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හා එහි ගරු මන්තී‍්‍රවරුන්ට ඇති වගකීම හා අයිතිය අප ගෞරවයෙන් යුතුව පිළිගනිමු.

එහෙත් එකී ක‍්‍රියාවලිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික හරයට, ජනතාවගේ සැබෑ නියෝජනයට සහ පාර්ලිමේන්තුව සහ එහි මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාවගේ විශ්වාස හා ගෞරවය පලුදු නොවන ආකාරයට සිදුවිය යුතු බව අපගේ හැගීමයි.

පාර්ලිමේන්තුව තුළ සම්මත වූ එකී පනත හරහා කාන්තා නියෝජන වැඩි වීම සඳහා වන ප‍්‍රතිපාදන ඇතුලත් වුවද ඒ හරහා මැතිවරණ පැවැත්වීමට ප‍්‍රමාද කිරීම යහපාලනය නාමයෙන් ක‍්‍රියාත්මක වන රජයක් තුලින් ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකල තත්වයකි. 

රජය ගෙන ආ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පැෆ්රල් සංවිධානය සහ තවත් බොහෝ පාර්ශවයන් විරුද්ධ වූයෙත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යොමු වූයෙත් එකී සංශෝධනය හරහා මැතිවරණ දින නියමයකින් තොරව කල්යාම සහ එය ජනතාවගේ මතය විමසීමකින් තොරව  (ජනමත විචාරණයක්) නොකල යුතුය යන පදනම මතය. එකී පදනම සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණයද ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කරන ලදී.

2017.09.20 වන දින එනම් ඊයේ දිනයේ පාර්ලිමේන්තු තුල සම්මත කරන ලද පනතෙහි අන්තර්ගතය කුමක් වූවද අවසන් ප‍්‍රතිපලය වන්නේ පළාත් සභා මැතිවරණය දින නියමයකින් තොරව කල් යාමය. එය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඍජු සම්බන්ධයක් නොවුවද ඊට අදාල නඩු නිමිත්තේ පදනම හා සමානය. එබැවින් ආණ්ඩුව අධිකරණ මතයට කෙතරම් ගරු කලේද යන්න පිළිබඳව අවධානය යොමු කල යුතුව ඇත. 

එමෙන්ම එකි පනත සම්මත වුයේ කාන්තා නියෝජනය වැඩිකිරිම සදහා ඉදිරිපත් කර තිබු පනත් කෙටුම් පතට  හදිසි සංශෝධනයක් ලෙසිනි. එහෙත් එය මුලික පනතෙහි අරමුණට සපුරාම වෙනස් කාන්තා නියෝජනයට ඍජු සම්බන්ධයක් නැති රටේ මැතිවරණ ක‍්‍රමය වෙනසකට ලක් කරන බරපතල සංශෝධනයක්ය. එය හොද හෝ නරක වේවා කාරක සභා අවස්ථාවේදි ඉදිරිපත් කිරිම මගින් කිසිවෙකුට එය අභියෝගයට ලක්කළ නොහැකි විය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මතවීය. මෙමගින් රටට ලබා දෙන පුර්වාදර්ශය, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද මහජන විශ්වාසය සහ ශ‍්‍රි ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිළිබද මනා චිත‍්‍රයක් රටටත් ලෝකයටත් ලබා දී ඇත. ඉදිරියේදි පනත් කෙටුම්පතක් කාරක සභා අවස්ථාවේදි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ඔනෑම දෙයක් සම්මත කර ගත හැකි වනු ඇත. 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පාඩම් ඉගෙන නොගත් අප මෙයින්ද පාඩමක් ඉගෙන නොගනු ඇත.

කෙසේ වුවත් අප අතිගරු ජනාධිපතිතුමන්ගෙන් හා ගරු අග‍්‍රමාත්‍යතුමන් ඇතුලූ රජයෙන් අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සදහන් ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයද සංශෝධන කිරිමට යෝජිත බැවින් එය පාර්ලිමේන්තු නිල කාලය අවසන් වීමට පෙරතුව එකි සංශෝධන ගෙන ඒමට ක‍්‍රියාකරන ලෙසය. නොඑසේනම් එමගින් පාර්ලිමේන්තු මැතිවරණයද කල්යාමේ අවධානමකට ලක්වනු ඇත. එමෙන්ම පළාත් සභා මැතිවරණ පනතට අදාල  සංශෝධනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසත්ය. 

ව්‍යවස්ථාදායකයට අණ පනත් හා නිතී සම්පාදනයට ඇති අයිතියට අප ගරු කරන අතර ව්‍යවස්ථාදායකය ද පුරවැසියන්ට ඒවා විමසා බැලීමට හා අභියෝගයට ලක් කිරීමට ඇති අයිතිය පිළිගනිමින් ජනතාවගේ ගෞරවය හා විශ්වාසය ආරක්ෂා කරනු ඇතැයිද අප විශ්වාස කරමු. ජනතා පරමාධිපත්‍ය යථාර්තයක් වනුයේ එවැනි පරිසරයක් තුළ බව අවසන් වශයෙන් සඳහන් කරමු.


මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com