පුවත්

අසත්‍ය ප්‍රවෘත්තියට පැෆ්රල් සම්බන්ධයක් නෑ - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 33 න් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන බවට පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර ඇති බවට සමාජජාලා වෙබ් අඩවිවල අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙමින් පවතී.

\"\"දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 33 න් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන බවට පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර ඇති බවට සමාජජාලා වෙබ් අඩවිවල අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙමින් පවතී.

මැතිවරණය නිදහස් හා සාධාරණ ආකාරයට පැවැත්වීම පැෆ්රල් සංවිධානයේ අපේක්ෂාව වන අතර ඊට අදාල පාර්ශවයන් සමග අවබෝධයෙන් කටයුතු කිරීම සිදුකරන බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. 

මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක අසත්‍ය ප්‍රවෘත්තීන් නිර්මාණයකොට ප්‍රචාරය කිරීම හරහා ජනමතයට විශාල බලපෑමක් සිදුකල හැකි අතර පැෆ්රල් සංවිධානය විසින් නිකුත් කරනු ලබන වාර්තා පැෆ්රල් නිල වෙබ් අඩවිය හා පැෆ්රල් නිල ෆේස්බුක් ගිණුම හා සමූහය ඔස්සේ පමණක් ප්‍රසිද්ධ කරනු ලබන බැවින් එම වාර්තා පමණක් පරිශීලනය කරන ලෙසට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com