පුවත්

තැපැල් ඡන්දය අද ඇරඹේ

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (13) ආරම්භ වේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (13) ආරම්භ වේ.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පමණක් අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇති අතර රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 සහ 15 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.

එමෙන්ම ආරක්ෂක හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ට ලබන 16 සහ 17 යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර නොවැලැක්විය හැකි හේතුවක් මත ලබා දී ඇති නියමිත දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදෙන්නේ.

තවද දුරස්ථභාවය රැකගැනීම ඇතුළු නියම කර ඇති සෞඛ්‍යමය අවවාද පිළිපදින ලෙසද මැතිවරණ  කොමිෂන් සභාව ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි. 
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com