පුවත්

මේ වන විට කොළඹ 18% යි - හම්බන්තොට 25% යි

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ජන්ද විමසීම මේ වනවිට පැවැත්වෙමින් තිබේ. ජන්ද විමසීම අද(29) උදෑසන 07.00 ට ජන්ද මධ්‍යස්ථාන 4000 කට අධික සංඛ්‍යාවක දී ආරම්භ වු අතර එය පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නි

මේ වන විට කොළඹ 18% යි - හම්බන්තොට 25% යි

 
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ජන්ද විමසීම මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

ජන්ද විමසීම අද(29) උදෑසන 07.00 ට ජන්ද මධ්‍යස්ථාන 4000 කට අධික සංඛ්‍යාවක දී ආරම්භ වු අතර එය පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා ජන්ද විසීම සඳහා ජන්ද දායකයන් පනස් අටලක්ෂ 98,427 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

එසේම මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ 18% ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතයක් වශයෙන් 20% ද, කළුතර දිස්ත්‍රික්කයේ 20% ක්ද ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

තවද ගාල්ල දිස්ත්‍රික්කයේ 20% ද, මාතර දිස්ත්‍රික්කයේ 21% ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 25% ජන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.

මේ අතර ජන්ද විමසීම මේ වනවිට ඉතා සාමකාමීව සිදුකෙරෙන බව දිස්ත්‍රික් ලේකම්වරු පවසයි.
 
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com