පුවත්

ඌව පළාත් මැතිවරණය: තැපැල් ඡන්ද මේ මස 4-5 දිනවල

ඌව පළාත් සභා මැතිවරණයේ තැපෑලෙන් ඡන්ද සලකුණු කිරීම මේ මස 04 සහ 05 දෙදින පැවැත්වෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

 

ඌව පළාත් මැතිවරණය: තැපැල් ඡන්ද මේ මස 4-5 දිනවල

 

ඌව පළාත් සභා මැතිවරණයේ තැපෑලෙන් ඡන්ද සලකුණු කිරීම මේ මස 04 සහ 05 දෙදින පැවැත්වෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

තැපැල් ඡන්ද දායකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා සඳහන් කරයි.

තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් 12500ක පිරිසක් යොදවා ඇතැයි ඒ මහතා අනාවරණය කරයි.

මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අයදුම්කරුවන් 30,657 දෙනෙක් සුදුසුකම් ලබා ඇති බවත් බදුල්ල දිස්ත්‍රික්කයෙන් අයදුම්කරුවන් 19,985ක්ද මොනරාගල දිස්ත්‍රික්කයෙන් 10,672දෙනෙක්ද සුදුසුකම් ලබා ඇති බව හෙතෙම කියයි.

දිස්ත්‍රික් දෙකට මන්ත්‍රිවරු තිස්දෙදෙනෙක් ඡන්දයෙන් තෝරා පත්කෙරෙන බවත් දිස්ත්‍රික් දෙකේ වැඩිම මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධුර දෙකක් හිමිවන බව කී හෙතෙම ඒ අනුව ඌව පළාතට මන්ත්‍රි ධුර 34 කින් සමන්විත බව කියයි.

ඌව පළාතේ මන්ත්‍රි ආසන 34 සඳහා මෙවර අපේක්ෂකයන් 617 දෙනෙක් තරඟ කරන බවද ඉන් බදුල්ල දිස්ත්‍රිකයේ මන්ත්‍රි ධුර 18 සඳහා අපේක්ෂකයන් 294 දෙනෙක්ද , මොනරාගල දිස්ත්‍රිකයේ මන්ත්‍රි ධුර 14 සඳහා අපේක්ෂකයන් 323 දෙනෙක්ද තරඟ කරන බව අවධාරණය කරයි. මේ මස 20දා පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය සඳහා මෙවර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද දායකයන් 6,09,966ක් ද මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද දායකයන් 3,32,764ක් ද ඡන්දය භාවිතා කිරීමට සුදුසු කම් ලබා ඇතැයි කී ඒ මහතා මෙවර ඌව පළාත් මැතිවරණයේදි ඡන්ද දායකයන් 9,42,730 දෙනෙක් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි ද සඳහන් කරයි.

 

Source - www.dinamina.lk/2014/09/02/_art.asp

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com